අතිවිශේෂ ගැසට් නිවේදනය (2218/68 – FRIDAY, MARCH 12, 2021) පාස්කු ප්‍රහාරයට වගකිවයුතු අන්තවාදීන්ගේ සහයටද? – නීතිඥ නුවන් බැල්ලන්තුඩාව

සමාජ ජාලා වලට බෙදා හරින්න.

[වර්ෂ 2021, මාර්තු 17 වන දින | Sinhala Network] අතිවිශේෂ ගැසට් නිවේදනය (2218/68 – FRIDAY, MARCH 12, 2021) පාස්කු ප්‍රහාරයට වගකිවයුතු අන්තවාදීන්ගේ සහයටද? – නීතිඥ නුවන් බැල්ලන්තුඩාව

2021 මාර්තු මස 12 වනදා ජනධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් නිකුත් කරන ගැසට් නිවේදනයක් ලෙස 1979 අංක 48 දරන ත්‍රස්තවාදය වැළැක්වීමේ තාවකාලික විදිවිධාන පනත යටතේ 2218 /68 දරන අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. තහනම් ත්‍රස්තවාදී සංවිධාන සම්බන්දයෙන් ගතයුතු ක්‍රියාමාර්ග පිළිබධව මෙම ත්‍රස්තවාදය වැළැක්වීමේ තාවකාලික විදිවිධාන පනතෙන් කියවෙනවා.2021-03-16 වන දින පැපිලියානේ සුනේත්‍රාදේවි පුරාණ රජමහා විහාරයේදී පවතී මාධ්‍ය හමුවකට සහභාගී වෙමින් දේශප්‍රේමි ජාතික පෙරමුණේ මාධ්‍ය මණ්ඩල සභික නීතිඥ නුවන් බැල්ලන්තුඩාව මහතා පවසන ලදී.

ඔහු වැඩි දුරටත් පවසා සිටියේ, “පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් පාස්කු වාර්තාව නිකුත්වෙලා තිබෙන අවස්ථාවක පාස්කු ප්‍රහාරයට සම්බන්ධ ස්ලාමිය අන්තවාදීන් බදුර්දින්ලා, හකීම් ඇතුළු පුද්ගලයන් ඇතුළු මේ කණ්ඩායම මෙම ප්‍රහාරයට උඩගෙඩි දුන් කණ්ඩායම සිටියදී ඔවුන් සම්බන්ධයෙන් මෙම පාස්කු වාර්තාව යම් ලිහිල් ස්ථාවරයක් ගෙන තිබියදීත් මෙම ගැසට් නිවේදනය මගින් ඔවුන් සම්බන්ධයෙන් දක්වා ඇති ලිහිල් ප්‍රතිපතිය පිලිබදව අපට සැකයක් ඇතිවෙනවා.

මෙම ගැසට් නිවේදනයේ හත්වන වගන්තියේ සදහන් වනවා ත්‍රස්තවාදය සම්බන්ධයෙන් තහනම් කල සංවිධානයකින් ත්‍රස්තවාදය සම්බන්ධව බාර වුනු හෝ ඉදිරිපත් වන පුද්ගලයෙකුට මහේස්ත්‍රාත් වරයා නිකුත් කරන කරුණු අනුව පුනුරුත්තාපනය සදහා යොමුකිරීමට හැකියාව ඇත. පාස්කු ප්‍රහාරය එල්ලකරලා මෙරටේ ස්ලමිය අන්තවාදය පෝෂණය කල පුද්ගලයන් හට දැඩි දඩුවම් ලැබීමට එරෙහිව, දැඩි දඩුවම් ලැබීමෙන් මුදවාගැනීම සදහා ගෙන ආ ගැසට් නිවේදනයක්ද? යන්න පිළිබධව ද සැකයක් ඉස්මතුවේ.

අප විශේෂයෙන් සිතන්නේ පාස්කු ප්‍රහාරය වැනි අන්තවාදී ක්‍රියා සදහා සම්බන්ධ පුද්ගලයන් “පුනුරුත්තාපනය පුනුරුත්තාපනය සදහා යොමු කිරීමට ප්‍රථම ඔවුන්ට දැඩි දඩුවම් දිය යුතුයි.පසුගිය කාලයේ අපේ සිංහල සංවිධාන යම්කිසි මතයක් ප්‍රකාශයට පතු විට ඔව්න්ට එරෙහිව ක්‍රියාත්මක වුයේ සිවිල් හා දේශපාලන සම්මුති අයතිවාසිකම් පනත, එහි මහා අදිකරණයට ඉදිරිපත් කලපසු ද ඒ සදහා ඇප ලබා ගැනීමේ හැකියාවක් නොමැත. අන්තවාදීන් සම්බන්ධයෙන් මෙම සිවිල් හා දේශපාලන සම්මුති අයතිවාසිකම් පනත අදාල කර ගනිමින් කිසිදු ක්‍රියාමාර්ගයක් මේ දක්වා ගෙන නොමැත.

මේ අවස්ථාවේ පාස්කු ප්‍රහාරය සම්බන්ධ කොමිසම් වර්ථාව පැමිණීමත් සමගම අන්තවාදීන් හා අන්තවාදී සංවිධාන වල සාමාජිකයන් සන්දයෙන් අමුතු අනුකම්පාවක් ඇතිවී ඔව්න් පුනුරුත්තපනය කර ගඩදාගැනීම සදහා ප්‍රතිපාදන වෙන් කිරීම සම්බන්ධව අපට බරපතල සැකයක් ඇති වී තිබෙනවා මුස්ලිම් අන්තවාදය සමග ආණ්ඩුවේ තිබෙන හැංගුන න්‍යාය පත්‍රයක කොටසක් හැටියට එලියට ආදේයක්ද කියා.මේ සම්බන්ධයෙන් අප අවධානයෙන් සිටින අතර මේ රටේ ජනතාවට සහ මහාසංඝ රත්නයට මේ පිළිබධව අවධානයෙන් සිටින ලෙස අප ඉල්ලා සිටිනවා.මෙලෙස 2021-03-16 වන දින පැපිලියානේ සුනේත්‍රාදේවි පුරාණ රජමහා විහාරයේදී පවතී මාධ්‍ය හමුවකට සහභාගී වෙමින් දේශප්‍රේමි ජාතික පෙරමුණේ මාධ්‍ය මණ්ඩල සභික නීතිඥ නුවන් බැල්ලන්තුඩාව මහතා පවසන ලදී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *