පාස්කු ප්‍රහාරයේ වින්දිතයන්ට වහා යුක්තිය ඉටුකරනු, අලි සබ්‍රි වහා අධිකරණ අමාත්‍ය ධුරයෙන් වහා ඉවත් කරනු, ගව ඝාතනයෙන් ජනතාව රවටුනාද? මද්‍රසා පාසැල් තහනම් කලාද? – සිංහලේ ජාතික ව්‍යාපාරය

සමාජ ජාලා වලට බෙදා හරින්න.

[වර්ෂ 2021, මාර්තු 07 වන දින | Sinhala Network] සිංහලේ ජාතික ව්‍යාපාරය කොළඹ කොටුව දුම්රියපල ඉදිරිපිට දී පැවැත්වූ විරෝධතා පුවරු ප්‍රදර්ශන අතර තුරදී දැක්වූ අදහස්.

පාස්කු ප්‍රහාරයෙන් ජයග්‍රහණය ලැබුවේ කවුද?මහ මොලකරැවන් කවුද ? රිෂාඩ් බදුරැදීන් ලා රාවුෆ් හකීම්ලා හිස්බුල්ලා ,අබ්දුල් රාසික්ලා ජාතිවාදය අවුළුවා රටම අමුසොහොනක් කරේ සහරාන්ගේ ආධාරයෙන්ද?කොමිෂන් සභාවටත් සොයා ගත නොහැකි ප්‍රශ්න වලට අනවාර්යයෙන්ම විසදුම් දීමට අප ජනතාව සමග පෙරට ආ යුත්තේ අන්තවාදය සහමුලින්ම ඊලාම් ත්‍රස්තවාදය වනසා දැමුවා සේ රටත් ජාතියත් සතුරාගෙන් ආරක්ෂා කරගන්නටය. වත්මන් ජනාධිපති වරයා සමත් අසමත් වන්නේ ජනතාව දුන් ප්‍රශ්න පත්‍රයක් නොව එතුමාම බලයට පත් වීමට පෙර එතුමාම සදාගත් ප්‍රශ්න පිලිතුරැ පත්‍රයට එතුමාම පිලිතුරක් ලබා දිය යුතු නිසාවෙනි. අන්තවාදයට එරෙහිව හිරැ නැගෙන්නට පෙර අප අවදිවුයෙමු. මිනිසකු සේ ඉපිද අපි මිය යා යුත්තේ දනින් නොවැටී දෙපයින් සිටගෙන නම් ජාතියේ උරැමය වෙනුවෙන් උන්මත්තකයන්ගේ ජාතිවාදය පරාජය කිරිමද වනසා දැමීමද කලයුතු⁣වන්නේ දෙපයින් සිට ගෙනමිස දනින් නොවැටීබව සියළු රටවැසියන්ම අවබෝධ කර ගැනුමට කාලය එළඹ ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *