‘‘පූජ්‍ය වාරියපොල ශ‍්‍රී සුමංගල හිමි’’ අනුස්මරණ උත්සවය හා ‘‘සිංහලේ සම්මුතිය’’ කෙටුම්පත ජනගත කිරීම සෙංකඩගලපුර දළදා මාලිගා පරිශ‍්‍රයේදී

සමාජ ජාලා වලට බෙදා හරින්න.

‘‘පූජ්‍ය වාරියපොල ශ‍්‍රී සුමංගල හිමි’’ අනුස්මරණ උත්සවය හා
‘‘සිංහලේ සම්මුතිය’’ කෙටුම්පත ජනගත කිරීම
දේශපේ‍්‍රමී ජාතික පෙරමුණ විසින් සංවිධානය කරනු ලබන ‘‘පූජ්‍ය වාරියපොල ශ‍්‍රී සුමංගල හිමි’’ අනුස්මරණ උත්සවය හා අහිමි වූ උරුමය දිනා ගැනීම උදෙසා වන ‘‘සිංහලේ සම්මුතිය’’ කෙටුම්පත ජනගත කිරීම සෙංකඩගලපුර ෙඓතිහාසික දළදා මාලිගා පරිශ‍්‍රයේදී සිදුකෙරේ.

2021-03-02 දින පස්වරු 2.00 ට ෙඓතිහාසික දළදා මාලිගා මහ මළුවේ රැස්ව මහා සගරුවන පෙරටු කර ගනිමින් පූජ්‍ය වාරියපොල ශ‍්‍රී සුමංගල හිමියන්ගේ පිළිරුවට පුෂ්පොපාහාර දක්වා ආගමික වතාවත් වලින් අනතුරුව සමරු උත්සවය පස්වරු 3.00 ට මහනුවර කැප්පෙටිපොල ශාලාවේ දී රැස්වේ.

මෙම අවස්ථාව සදහා අස්ගිරි පාර්ශවයේ අනුනායක අතිපුජ්‍ය වේඩරුවේ උපාලි ස්වාමින් වහන්සේ මුලසුන දරණ අතර ප‍්‍රධාන දේශනය පේරාදෙනිය විශ්වවිද්‍යාලයේ මහාචාර්ය එච්.එන්.ආර්.බී. හේරත් මහතා විසින් සිදුකරනු ලබයි.
ආචාර්ය සුමේධ වීරවර්ධන මහතා, අශෝක මැණික්ගොඩ මහතා සහ නීතීඥ නුවන් බැල්ලන්තුඩාව මහතා යන විද්වතුන් ද මෙහි දී අදහස් දැක්වීමට නියමිතය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *