බුද්ධාගමට හිමි ප්‍රමුඛත්වයත් අහිමි කරමින් පෝට්සිටි කොමිසම් හැදූ වරාය නගරය

සමාජ ජාලා වලට බෙදා හරින්න.

බුද්ධාගමට හිමි ප්‍රමුඛත්වයත් අහිමි කරමින් පෝට්සිටි කොමිසම් හැදූ වරාය නගරය.

පහත කරුණු මගින් පෝට් සිටි කොමිසම් නීතිය බුද්ධාගමට ප්‍රමුඛත්වය ඇති 9 වන ව්‍යවස්ථාව උල්ලංඝනය කරන ආකාරය ඔබට පෙන්වා දීමට කැමැත්තෙමු.

ගණිකා මඩම්, කැසිනෝ, සූදු සහ මත්පැන් වලින් සමන්විත් ආයෝජන කළාප ඇති කිරීමත් වික්ටෝරියා, රන්දෙනිගල, කොත්මලේ වැනි ජලාශ ඉදිකර කෘෂිකර්මයෙන් රට දියුණු කිරීමත් සමාන විය නොහැකිය.

1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ බුද්ධාගමට ප්‍රමුඛත්වය ලබා දී ඇති 9 වන ව්‍යවස්ථාව ආරක්ෂා කිරීම ජනාධිපතිවරයාගේ, අමාත්‍ය මණ්ඩලයේ, පාර්ලිමේන්තුවේ සහ අධිකරණයේ අත්හල නොහැකි යුතුකමකි.

යෝහිත පෝට් සිටි කොමිෂන් නීතියෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 9 වන ව්‍යවස්ථාවට එල්ල වන හානිය මෙතෙකයි කිව නොහැක. 1815 උඩරට ගිවිසුමෙන් පවා ආරක්ෂා කරගත් බුදු දහමේ ස්ථාවරත්වය යෝජිත යෝහිත පෝට් සිටි කොමිෂන් නීතියෙන් අහිමි කරන්නේ ඇස් පනා පිටමය.

එනම් රටේ එක් කොටසකට සුරාබදු, ඔට්ටු ඇල්ලීම, කැසිනෝ සදහා නීතියක් ඇත. ඒත් රටේ තවත් පැත්තක එනම් පොට් සිටියේ ඒ සදහා නීතියක් නැත.(පෝට් සිටි පනතෙන් ඒ නීති නිදහස් කරයි)

ඒ කියන්නේ රටේ එක් කොටසක ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 9වන ව්‍යවස්ථාවේ  බලපෑම ඇති අතර, පෝට් සිටි කොටසේ ඒ බලපෑම නැත.

මෙය 9වන ව්‍යවස්ථාවේ බලපෑම බෙදා දැමීමකි. අහිමි කිරීමකි. පෝට් සිටි කලාපයට 9 වන ව්‍යවස්ථාවේ බලපෑම අහිමි කිරීමකි.

තිරසර සංවර්ධනය මෙන්ම පංච ශීල ප්‍රතිපත්තිය පෝට් සිටි කළාපයේ නැත. වැව සහ දා ගැබ සමග බැදුණු රටේ ඉතිහාසය අසංවර , අබෞද්ධ සංස්කෘතියක මගින් ආවරණය කිරීමත්, පෙරදිග ධාර්මික, කෘෂිකර්මක සහ ස්ව්‍යංපෝෂිත  දිවි පැවැත්ම බටහිර සේවා සංස්කෘතිය මගින් අභිබවා යාමත් පෝට් සිටි පනතෙන් සිදු කරයි.

වරාය නගරය හඳුන්වා දීම.

ශ්‍රී ලංකා වරාය නගර ව්‍යාපෘතියේ පළමු අදියර අවසන් කරමින් හෙක්ටයාර 269 ක බිම් ප්‍රමාණයක් ගොඩකිරීම මේ වන විට අවසන් වී තිබේ.

වරාය නගරයේ ගොඩ කළ හෙක්ටයාර 269 ක භුමියෙන් හෙක්ටයාර 178 ක් ආයෝජන සඳහා වෙන්කර ඇති අතර, ඉතිරි හෙක්ටයාර 91, මාර්ග සහ මහජන උද්‍යාන වැනි පොදු ස්ථාන සඳහා වෙන්කර තිබේ.

ආයෝජන සඳහා වෙන්කර ඇති භූමියෙන් හෙක්ටයාර 116 ක් මෙම ඉදිකිරිම කළ සමාගමට වසර 99 කට හිමිවන අතර ඉතිරි හෙක්ටයාර 62 ශ්‍රී ලංකා රජය සතුවේ.

ඉදිරියේදී විවිධ ඉදිකිරීම් සඳහා ආයෝජකයන්ට මෙම ඉඩම් මිලදී ගත හැකිවේ. 

අද දවසේ වටිනාකම අනුව ඩොලර් බිලියන 15 ක ආයෝජනයක් ඉදිරි කාලයේ වරාය නගරය තුල සිදුවන බව ඔවුන් (චීනුන්) පවසයි. ව්‍යාපාර, ආයතන, හෝටල්, නිවාස යෝජනා ක්‍රම මෙහි ගොඩනැගෙන බවත් ශ්‍රී ලාංකිකයන්ට සෘජු රැකියා 80,000 ක් බිහිවන බවත් ඔවුන් (චීනුන්) පවසයි. නමුත් වර්තමානයේ වරයා නගරය නිර්මාණයට අවශ්‍ය සියලුම ශ්‍රමිකයන් ගෙන්වා ඇත්තේ චිනයෙන්ය. වරාය නගරය නිර්මාණය කල පසුව, එයට අවශ්‍ය සේවකයින්ද ගෙන්වනු ලබන්නේ චීනයෙන් වීම අරුමයක් නොවේ. මන්ද චීන ආයෝජන සමග කටයුතු කිරීමට ලංකාවේ පුරවැසියන්ට චීන භාෂාව හැසිරවීමට නොහැකි වීමයි.

වරාය නගරය අර්ථික කොමිෂම් සභාව පනත් කෙටුම්පතේ 52, 53 සහ 73 වනන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 09 ව්‍යවස්ථාවට පටහැනි බව පෙන්වා දීම.

කොළඹ වරාය ආර්ථික කොමිෂම් සභාව පනත් කෙටුම්පත 2021 අප්‍රේල් 08 වන දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති අතර එහි 52,53 සහ 73 වගන්ති 1978 අණ්ඩුක්‍රම ව්‍යාවස්තාවේ 09 වන ව්‍යවස්ථාවට පටහැනි බවත් විශේෂයෙන් 1815යේ උඩරට ගිවිසුමේ 5වන වගන්තියත් 1972 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ  6 වන ව්‍යවස්ථා මගින් ඇති කල සංස්කෘතිය, අනන්‍යතාවය, ආරක්ෂාව, ජනතාවගේ ආගමික නිදහස, තිරිසාර සංවර්ධනය අහිමි කර ඇත.

කොළඹ වරාය නගරය ආර්ථික කොමිෂන් සභාව පනත් කෙටුම්පතේ 52.53 සහ 73 වගන්ති මගින් බුද්ධාගම සහ බුද්ධ ශාසනය මගින් ශ්‍රි ලංකාවේ ජනතාවගේ ආරක්ෂා කර ඇති ධාර්මික හා තිරසාර සවර්ධන සහ සභ්‍යත්ව දිවි පැවත්ම බිද වට්ටවා පංචශිල ප්‍රතිපත්තියෙන් බැහැර වු සමාජ ක්‍රමයක් ඇති කෙරෙන අතර එයට අවස්ථාව සැළස්වීම කළ යුතු නොවේ.

කොළඹ වරාය නගරය ආර්ථික කොමිෂම් සභාව පනත් කෙටුම් පතේ 52,53 සහ73 වගන්ති 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 9 වන ව්‍යවස්ථාව මගින් දක්වා ඇති බුද්ධාගමට හිමි ප්‍රමුඛස්ථානය අහිමි වන බවත්, සම්බුද්ධ ශාසනය සුරක්ෂිත කොට පෝෂණය කිරිමේ රජයේ වගකිම අහිමි කරවයි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 9වන ව්‍යවස්ථාවේ දක්වා ඇති බුද්ධාගමට ප්‍රමුඛත්වය පිරිනැමීම ඉහත පනත මගින් උල්ලංඝනය කරන හෙයින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83 ව්‍යවස්ථාව අනුව එකී විධිවිධාන එනම් පනත් කෙටුම්පතේ 52, 53 සහ 73 වගන්ති නීතියක් වන්නේ ජනමතවිචාරණයකින් ජනතාව අනුමත කිරීමෙන් පසුවය.

“එක රටක්- නීති දෙකක්” යන්න වරාය නගර පනතේ තේමාවකි.  රටේ එක් කොටසකට සුරාබදු, ඔට්ටු ඇල්ලීම, කැසිනෝ සදහා නීතියක් ඇත. ඒහෙත් රටේ තවත් පැත්තක එනම් වරාය නගරයේ ඒ සදහා නීතියක් නැත. එමගින් පැහැදිලි වන්නේ රටේ එක් කොටසක ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 9වන ව්‍යවස්ථාවේ බලපෑම ඇති අතර, වරාය නගර කොටසේ ඒ බලපෑම නැති බවය.

මෙය 9 වන ව්‍යවස්ථාවේ බලපෑම එකී වරාය නගර කළාපයට අහිමි කිරීමකි.

  1. සුරා බදු (විශේෂ විධි විධාන) පනත.
  2. රේගු ආරක්‍ෂණ පනත.
  3. ඔට්ටු ඇල්ලීම හා සූදු බදු පනත.
  4. විනෝද බදු පනත
  5. විදේශ විනිමය පනත
  6. කැසිනෝ ව්‍යාපාර නියාමන පනත,

වැනි පනත් වරාය නගරය තුල ක්‍රියාත්මක කිරීමෙන් නිදහස් කිරීම යනු ශ්‍රී ලංකාවේ බෞද්ධ සංස්කෘතියට පමණක් නොව සියලු ආගම්වලට පහර ගැසීමක් වන අතර ආගමික හර පද්ධතිය බිද දැමීමකි.

මේ සම්බන්ධයෙන් අවධානය යොමු කර කොළඹ වරාය නගරය අර්ථික කොම්සම් සභාව පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ඉදිරිය නීතිමය පියවර ගැනිමේ දි 1978 ආණ්ඩුක්‍රම  ව්‍යවස්ථාවේ 9 වන ව්‍යවස්ථාව ආරක්ෂා කරමින් ක්‍රියා කිරිමට කටයුතු කරන ලෙස රජයෙන් ඉල්ලීම් කලත් ඔවුන් එය ගණන් ගෙන නැත.

එනිසා මේ සම්බන්ධයෙන් සහ සිංහලයින්ට රටේ සෑම තැනකම සිදු වන විවිධ වූ අසාධාරණ කම් ඉදිරියේදී දිගින් දිගටම අරගල කිරීමට, පොදු අරමුණක් වෙනුවෙන් සිංහල සංවිධාන සියල්ල එකතු විය යුතු කාලය එළඹී ඇත.

One thought on “බුද්ධාගමට හිමි ප්‍රමුඛත්වයත් අහිමි කරමින් පෝට්සිටි කොමිසම් හැදූ වරාය නගරය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *