” මොහොමඩ් අලි සබ්‍රි ජනාධිපතිතුමාට පෞද්ගලිකව කරපු සහ කරන උදවු උපකාරවලට සමස්ත ජාතියටම වන්දි ගෙවන්න බෑ. ඒ නිසා මොහොමඩ් අලි සබ්‍රි වහාම අධිකරණ අමාත්‍යධූරයෙන් නෙරපිය යුතුයි ” – පූජ්‍ය පූලියද්දේ සුධම්ම හිමියන්

සමාජ ජාලා වලට බෙදා හරින්න.

[වර්ෂ 2021, මාර්තු 02 වන දින | Sinhala Network] වාරියපොළ ශ්‍රී සුමංගල හිමියන් විසින් ඉංග්‍රීසි කොඩිය පහත දමා අධිරාජ්‍යවාදින්ට එරෙහිව සිංහ කොඩිය එසවිමෙන් 206 ක් වසරක් ගතවීම සනිටුහන් කරමින් සමරු උත්සවයට සමගාමීව දේශප්‍රේමී ජාතික පෙරමුණ විසින් ඉදිරිපත් කරන ලද සිංහලේ සම්මුතිය මහ සඟරුවන අභියස ජනගත කෙරිනි.මේ අවස්ථාවේදි මුලසුන අනුසාසනය කල අස්ගිරි පාර්ශවයේ අනුනායක වෙඬේරුව උපාලි හිමියන් වසර 206 කට පෙර රට ජාතිය වෙනුවෙන් මෙම වීර ක්‍රීයාව කල සුමංගල හිමියන් සැමරීම එක් දිනයකට සීමා නොකොට සියලු දේශප්‍රේමි සිංහලයන් සැම විටම සැම දිනකම සිහිකොට තබා ගත යුතුබව වදාළහ. තවද සුමංගල හිමියන් මාහනායක කෙනෙක් නොවු බවත් තනතුරු නොතකා අභීතව නැගී සිටිමින් කල ජාතික ශාසනික මෙහෙවර වර්තමාන භික්ෂු පරපුරටත් මනා ආදර්ශයක් බව පැවසීය.

සිංහලේ සම්මුතිය ජනගත කිරීමේ සභාව ඇමතු හන්තාන ත්‍රිපිටක ධර්මායතානාධිපති පූජ්‍ය පූලියද්දේ සුධම්ම හිමියන් “අපි මේ රජය බලයට ගෙනාවේ සිංහල බෞද්ධකම රැක ගන්න. දැන් අපේ බලාපොරොත්තු එකිනෙක දියවෙමින් යනවා. මොහොමඩ් අලි සබ්‍රි ජනාධිපතිතුමාට පෞද්ගලිකව කරපු සහ කරන උදවු උපකාරවලට සමස්ත ජාතියටම වන්දි ගෙවන්න බෑ. ඒ නිසා අපි මේ සභාවට යෝජනා කරනවා මොහොමඩ් අලි සබ්‍රි වහාම අධිකරණ අමාත්‍යධූරයෙන් නෙරපිය යුතුයි”. ඒ සඳහා සභාවේ අනුමැතිය ලබා දෙන ලෙස උන්වහන්සේ ඉල්ලා සිටි අතර සියලු දෙනා අත් ඔසවා අනුමත කලහ.

මීට අමතරව බෞද්ධ විහාරස්ථානවලට අයත් මීරක්කන් පල්ලිය ඇතුලු අනෙක් ආගම් සඳහා පවරා ඇති සියලු ස්ථාන නැවත පවරා ගැනීමටත් දැනට මහමළුවේ තැන්පත් කර ඇති කැප්පෙටිපොළ විරුවාගේ හිස් කබල අනාගත පරපුරට දැකගත හැකි පරිදි ඔසවා තැබීමටත් උන්වහන්සේ කල යෝජනා ඒකත් චන්දයෙන් සභා සම්මත විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *